ඉස්කෝලෙ නිවාඩුවත් පටන් ගත්තා. දැන් ඉතින් මාසයක් ම තියෙනවා. ඒත් නිවාඩුව පටන් අරං දවස් දෙකයි ගියේ. මාව තව ඩිංගෙං අපේ දහම් පාසලෙන් අස් කරනවා. මේකයි සිද්ධ වුණේ.
මේ ඉරිදා, ඒ කියන්නේ 2012 අගෝස්තු 5 වෙනිදා අපේ දහම් පාසලේ නිවාඩු දෙන දවස. මම ශිෂ්‍ය නායකයෙක් හින්දා උදෙන්ම දහම් පාසලට යන්න ඕනෙ. උදේ හයහා මාරට විතර එදත් මං දහම් පාසලට ගියා. දෙතුන් දෙනෙක් ඇවිල්ලා හිටියා. මම ඉතින් ඔහේ කම්මැලිකමේ හිටියා දහම් පාසල පටන් ගන්නකං හතහමාර වෙනකං.
හැබැයි එදා දහම් පාසල පටන් ගත්තේ වෙනදා වගේ නෙමෙයි. වෙනදට උදේ රැස්වීම තියෙන තැන නෙමෙයි එදා රැස්වීම තිබුණෙ. අළුතෙන් හදපු දහම් පාසල් ගොඩනැගිල්ලෙ තමයි රැස්වීම තිබුණෙ. එදා කෙරුවෙ හැම පන්තියකින් ම පළවෙනියා, දෙවැනියා, තුන්වැනියා ගත්ත අයට රිපෝට් එක දෙන එක. අපිට ළමයි ටික බලාගන්න භාර වුණා. මට ඉතින් සුපුරුදු පරිදිම ලැබුණෙ 9 වසර බලාගන්න. පන්තියෙ තුන්වැනියා හින්දා මමත් මගේ රිපෝට් එක ඉස්සරහට ගිහින් අරගෙන රැස්වීම ඉවර වුණාට පස්සේ එතන පොඩ්ඩක් අස් කරන්න උදව් කරලා අපේ පන්තියට ආවා.
එදා අපේ පන්තියේ පිරිමි ළමයි ඇවිල්ලා හිටියෙ මාත් එක්ක හතර දෙනයි. මං විතරයි එතන ශිෂ්‍ය නායකයෙක්ට හිටියෙ. ඔන්න ඉතින් මං පන්තියට වෙලා අපේ පන්තියෙ එවුන් එක්ක පන්තියෙ ඉන්න කෙල්ලන්ට විහිළු කර කර හිටියා. ඔහොම ඉන්නකොට Head Prefect ඇවිල්ලා මට කතා කරගෙන එක්කරගෙන ගියා රැස්වීමක් කියලා. රැස්වීමෙදි කිව්වේ මේකයි.
“අද මේ දහම් පාසලට කවුරු හරි ෆෝන් එකක් ගෙනල්ලා කියලා ආරංචියක් තියෙනවා. ඒ හින්දා ලොකු හාමුදුරුවෝ කිව්වා ඔක්කෝම පන්ති චෙක් කරන්න කියලා. දැන් ඉතින් ඔක්කොම තමන්ට භාර දීල තියෙන පන්තියට ගිහිල්ලා ඒකෙ ඉන්න අයවයි ඒගොල්ලන්ගෙ බෑගුයි චෙක් කරන්න ඕනෙ. මොනවහරි තිබුනොත් ඒක ගෙනාව කෙනාව අපිට කියන්න ඕනෙ. එකෙක්වත් උන්ව රකින්න ලෑස්ති වෙන්න එපා. අපි එනවා හැම පන්තියකටම බලන්න. දැන් යන්න”
ඔන්න ඔය වෙලාවෙ තමයි මතක් වුණේ අපේ පන්තියෙ ඉන්න මගෙ ලක්ෂාන් කියලා මගෙ යාලුවෙකුත් අද ෆෝන් එක අරං ආවා කියලා. දැන් ඉතින් ඌව හදිස්සියෙ හරි අහුවුනොත් ඌ ඉවරයි. මං කියලා මොනා කරන්නද? මමයි තව 10 වසරෙ මල්ලි කෙනෙකුයි තව කෙල්ලො දෙන්නෙකුයි ගියා 9 වසරෙ පන්තිය චෙක් කරන්න. අපේ පන්තිය තියෙන්නේ 9 වසර පන්තිය එහා පැත්තේ. මං යනකොට අපේ පන්තියට කවුරුත් ඇවිල්ලා හිටියෙ නෑ. මං හිමීට පන්තියට ගිහින් ලක්ෂාන්ට කතා කරලා කිව්වා වෙන්න යන සීන් එක ගැන. ඒක අහලා ඌ මෙන්න මෙහෙම කිව්වා.
“අඩෝ මේ...... මචං උඹ ශිෂ්‍ය නායකයෙක්නේ බං... උඹ තියාගනින්කෝ බං ෆෝන් එක..... මොකක්ද බං........”
දැන් ඉතින් බෑ කියලත් බෑ හා කියලත් බෑ. මොනවා කරන්නද? මට ගොඩක් උදව් කරලා තියෙන එකෙක්නේ. මං ෆෝන් එක ඉල්ලගත්තා මගේ බෑග් එකේ දාලා ඒක ඔෆිස් එක එහා පැත්තේ තියෙන කාමරෙන් ගෙනිහින් තියනවා කියලා. (ගොඩක් prefect ලා උදෙන්ම එන හින්දා බෑග් එක තියන්නේ එතන) මං මගේ බෑග් එක අරගෙන ඒකෙ තියෙන සයිඩ් පොකට් එකක් ඇරියා ෆෝන් එක දාන්න කියලා. මල ජූලියයි! මගේ ෆෝන් එකත් බෑග් එකේ. සෙනසුරාදා පන්ති ගිහින් පන්තියෙදි බෑග් එකට දාගත්ත ෆෝන් එක තාම බෑග් එකේ. දැන් ෆෝන් එකක් නෙමෙයි දෙකක්.
ඉතින් මං බෑග් එක අර කාමරෙන් දාලා 9 වසර පන්තිය චෙක් කරන්න ආවා. ඒකෙ ඉන්න ඔක්කොම එවුන් උන්ව චෙක් කරනකොට හිනා වෙනවා. බෑග් චෙක් කරනකොට එකෙක්ගේ බෑග් එකේ තියලා රීචාර්ජ් කාඩ් 50ක් විතර හම්බ වුණා. තව එකෙක්ගේ සයිඩ් පොකට් වල තියලා ලියුම් දෙක තුනකුත් හම්බ වුණා. ලියුම් වලින් මට අපල හින්දා ඒවත් දැක්කේ නෑ වගේ හිටියා. පව් වැඩේ පොඩි එවුන්නේ. අපිට කිව්වේ ෆෝන් එකක් හොයන්න කියලනෙ.
පන්ති ඔක්කොම චෙක් කලත් ෆෝන් එකක් හොයාගන්න බැරි වෙලා. අන්තිමට ශිෂ්‍ය නායකයන්ගේ බෑග් චෙක් කරන්න කිව්වා. ඔන්න ඒ වෙලාවේ තමයි මට තිස් තුන් කෝටියක් දෙයියෝ සිහිවුනේ. ඔක්කෝටම බෑග් අරන් එන්න කිව්වා අර ඔෆිස් කඑක එහා පත්තේ තියෙන රූම් එකටම. බෑග් එක පන්තියෙ තිබුනනං ලක්ෂානයට වත් ෆෝන් එක සොරි සොරි ෆෝන් දෙක දෙනවා තියාගන්න කියලා. කොහෙද දැන් බෑග් එක රූම්එක ඇතුලෙම තියෙනවා. අපිව චෙක් කරන්න ගත්තේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. අපේ බෑග් චෙක් කරන්න ගත්තේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. මාව චෙක් කරන ගමන් මගේ බෑග් එක චෙක් කරන දිහාත් මං බලං හිටියා. බෑග් එක අරගෙන පොත් අස්සෙයි තව තියෙන පොකට් දෙක තුනකයි චෙක් කරලා බැලුවා. ෆෝන් එක තියෙන පොකට් එක අරින්න හදන කොට ම හාමුදුරුවෝ ඒ අක්කට කතා කළා. හාමුදුරුවෝ ඒ අක්කව මොකක්ද වැඩකට යැව්වා. ඊට පස්සේ ආයෙත් ආවට මගේ බෑග් එක චෙක් කළේ නෑ. අනිත් එවුන්ගේ බෑග් චෙක් කරන්න ගත්තා. හාමුදුරුවෙනං ඇත්තටම දෙයියෙක්.
එදානං මගේ වසනාවට එහෙම වුණේ. ෆෝන් එකක්නං කමක් නෑ දෙකක්! මාට්ටු වුනොත් කොහොමට හිටීද?
අම්මා ගහයි කිව්වලු
ReplyDeleteඇත්තටම මලයෝ ඔයා මාර ලකී
නැත්තම් කොහොමද චාටරේ :)
නැත්තං නිශාන් අයියේ......... හාමුදුරුවෝ නං බෝධිසත්වයෙක්....
ReplyDeleteඔයාටත් බොහොම ස්තූතියි මගේ මගේ පුංචි බ්ලොග් එක පැත්තේ ඇවිල්ලා යනවට....
lakshan ta udau kala nisa daviyo oywa bearala...
ReplyDeleteEla ela bro
ReplyDelete