සාමාන්‍ය පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂය නිර්දේශයේ ඇතුලත් වන "ජීවක කතා වස්තුව" පාඩම උපුටා ගන්නා ලද්දේ පූජාවලිය නම් ග්රන්ථයකිනි. නමුත් පෙළ පොතේ සම්පූර්ණ ජීවකාරාම පූජා කතා වස්තුවම ඇතුලත් කොට නැත. කතාවෙහි මුල් කොටසකුත් අග කොටසකුත් මගහැර මැදින් උපුටා ගත් කොටසක් පාඩම සඳහා යොදා ගෙන තියෙන බව පෙනේ. ජීවකාරාම පූජා කතා වස්තුව සම්පූර්ණයෙන්ම කියවීමට කැමති ඔබ වෙනුවෙන්ම පූජාවලිය ග්‍රන්ථයේ 28වන පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම මාගේ බ්ලොග් අඩවියට ඇතුලත් කරමි. මෙම කතාව කියවීමේදි තද නිල් පැහැයෙන් දිස්වන කොටස දැනටමත් ඔබ කියවා ඇති කොටස ය. ඉතා දීර්ඝ කතාවක් වන මෙම කතාව සම්පූර්ණයෙන්ම කියවිය හැකි නම් විචාර ලිවීමේදී ඒ සඳහා වැඩිපුර කරුණු එක් රුස් කර ගැනීමට හැකි වනු ඇත. කතාව කියවා අවසානයේ ඔබේ අදහස්ද ඇතුලත් කර යන්න. මම මේ කතාව උපුටා ගත්තේ විකිබුක්ස් වෙබ් අඩවියෙනි. සම්පූර්ණ පූජාවලිය කතාවම කියවිමට කැමති නම් එම වෙබ් අඩවියට යන්න.
- sankalpa sudheera(ජනාධිපති විද්‍යාලය - කෝට්ටේ)
වැදගත් - මෙම කතාව වෙබ් අඩවියට එක් කෙරෙනුයේ 2012 මැයි 22 දිනයේදීය
- sankalpa sudheera(ජනාධිපති විද්‍යාලය - කෝට්ටේ)
වැදගත් - මෙම කතාව වෙබ් අඩවියට එක් කෙරෙනුයේ 2012 මැයි 22 දිනයේදීය
No comments:
Post a Comment