Pages

Wednesday, May 2, 2012

රචිත්‍ර ගේ නිදහස් අඩවිය - www.rachithra.blogspot.com


මම මගේ අළුත්ම බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගන්නවා ඔබව. මම මේ බ්ලොග් අඩවිය ආරම්භ කළේ තාමත් පාසල් යන වයසේ ඉන්න මගේ සිතුවිලි ඔයාට කියන්න. අද (ඒ කියන්නේ 2012 මැයි 1 වෙනිදා) ඉඳලා මම සූදානම් මගේ දැනුම, ආකල්ප හා මගේ සිතුවිලි ඔයත් සමග බෙදා හදා ගන්න. 2012 අවුරුද්දෙ (ඒ කියන්නෙ මේ අවුරුද්දෙ) අ.පො.ස (සා.පෙළ) ලියන මම ඉන්නෙ 11 වසරේ. විභාගෙ අත ළඟ හින්දා මේ බ්ලොග් අඩවියට හැමතිස්සෙම බ්ලොග් ලියන්න බැරි වුනත් මම මට පුළුවන් හැම වෙලාවකම ඔබට වචනයක් ටයිප් කරන්න බලන්නම්.
          මම මගේ බ්ලොග් එකට ගොඩක්ම ඇතුලත් කරන්නෙ තොරතුරු තාක්ෂණය සම්බන්ධ  ලිපි. ඊට අමතරව ඉතින් අපේ, අපේ සමාජයේ මම දකින පොඩි පොඩි වැරදි  ගැනත් ඔයාට පෙන්වලා දෙන්න මම හිතාගෙන ඉන්නවා. ඒත් එක්කම මම කැමතියි මගේ ලිපි ගැන ඔයාගෙ අදහසුත් දැනගන්න. මගේ පොඩි වැරද්දක් හරි තියෙනවානම් හදාගන්න. මගේ බ්ලොග් එකේදි මගේ බ්ලොග් ගැන ඕනම දෙයක් comment කරන්න නිදහස ඔයාට දීලා තියෙනවා.
          මගේ බ්ලොග් එකට එන ඔයාගෙ පරිගණකයේ සිංහල යුනිකෝඩ් අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ නැහැ. සිංහල යුනිකෝඩ් නැති පරීගණක වලත් හරියට දර්ශනය වෙන විදියට මේ බ්ලොග් අඩවිය හදලා තියෙන්නෙ.  (හැබැයි යුනිකෝඩ් ස්ථාපනය කරගන්න එක තමා හොඳ) ඔයාගෙ පරිගණකයෙත් සිංහල යුනිකෝඩ් නැත්නම් මේ දකුණු පැත්තෙ තියෙන ලින්ක් එක ක්ලික් කරලා සිංහල යු‍නිකෝඩ් දාගන්න. එහෙනම් අදට සමුගන්නෙ ළඟදිම අළුත් බ්ලොග් එකකින් හමුවන බලාපොරොත්තුවෙන්.

No comments:

Post a Comment