Pages

Wednesday, August 22, 2012

පිටට තට්ටු කරපු මෝහිනී


අරුණ වේරගල සර්ගෙ සිංහල පන්තිය පටන් ගන්න තිබුණෙ විනාඩි විස්සක් විතර. එදා අඟහරුවාදා දවසක්. වෙලාව තුනයි දහයට විතර ඇති. මම පන්තිය ගාව අපේ පන්තියේ අනිත් අයත් එක්ක හිටියා පන්තිය පටන් ගන්නකං. ඔය අතරෙදි තමයි අපේ පන්තියෙ ඉන්න මධුෂ්ක කියන එක්කෙනා ආවෙ.

ඒ.... මේ බලහංකෝ බං මේ ෆොටෝ එක......... මධුෂ්ක කිව්වා.

කෝ පෙන්නහං බලන්න තොගෙ මහලොකු ෆොටෝ එක.... අපේ එවුන් කිව්වා.

මමත් එහෙං මෙහෙන් එබිලා ෆෝන් එකෙන් පෙන්නපු ෆොටෝ එක බැලුවා. ඒකෙ තිබ්බේ මධුෂ්කගේ අයියගෙ ‍ෆොටෝ එකක්. ඒක අරගෙන තිබුනෙ ඒගොල්ලන්ගේ ගෙදර වත්තෙදි. ඒකෙ තිබ්බ පුදුමෙ තමයි ඒ ‍ෆොටෝ එකේ අයිනකින් සුදුපාටට මනුස්සයෙක්ගේ හැඩේට ඡායාවක් වගේ රූපයක් තියෙනවා. ඉතින් ඕක දැකලා අපේ පන්තියේ ඉන්න මහාචාර්යවරු එක එක කතා කිව්වා. මමත් ඉතින් ඔය කතා අහං ඉන්න ගමන් අපේ පන්තියේ ඉන්න තව එකෙක් තව කතාවක් මට කිව්වා. ඒ කතාව අර කතාවට වඩා මේ කතාව හොඳ හින්දා මම මේ කතාව කියන්නං.

ඕවා නෙමෙයි බං හොල්මන්... උඹ දන්නවා නේද උපුල් අයියව?

මොන උපුල්ද බං?

අර ගියපාර කැම්පස් සිලෙක්ට් වෙච්ච එකා බං.

අර සයන්ස් වලින් ඒ ලෙවල් කරපු එකානෙ.

ඔව් ඔව්.

ඉතින්?

අන්න ඌ ඉස්සර, ඒ කියන්නෙ මීට අවුරුදු තුන හතර කට කලින් ඉදං ඌට තිබ්බණෙ මාර විද්‍යා පිස්සුවක්. ඒ පිස්සුව කොච්චරද කියනව නං ඌ හැමදෙයක් කතා කරන්නේ විද්‍යාවෙන්. නිකං යාලුවෙක් විහිලුවක් කළත් ඌ විද්‍යාවෙන් කියවනවා.

ඉතින් මොකද ඌට වුණේ.?

ඌ ඒක හින්දම හොල්මන් විශ්වාස කරන්නේ නෑ. අඩුම ගානෙ හොල්මනක් ළඟට ඇවිල්ලා කතා කරත් මූ හොල්මන් විශ්වාස කරලා නෑ.

ඇයි ඌට හොල්මනක් හම්බ වෙලාද?

ඔව් බං. ඌ පන්ති ඉවර වෙලා ගෙදර යනකොට දවසක් උගෙ පිටිපස්සෙන් මෝහිනි ඇවිල්ලා කතා කරලා

ඇත්තටම මෝහිනීද?

පොඩ්ඩක් හිටපංකෝ කියනකං පනින්නෙ නැතුව. ඌ ගෙදර යනකොට යන්නේ කනත්ත ගාවෙන්. එතකොට වෙලාව නවහමාරට විතර ඇති. එකපාරටම කනත්ත ගාවදි පාරෙ ලයිට් කණු වල ලයිට් ඕෆ් වෙලා. මුලු පාරම මීදුමෙන් වැහිලා. ඌ ඒත් බයවෙලා නෑ. එකපාරටම සීතලම සීතල අතක් උගෙ පිටට තට්ටු කරලා. ඌ පිටිපස්ස හැරිල බලලා. ළමෙක් වඩාගත්ත ලස්සන කෙල්ලෙක් ඉන්නවලු සුදු සාරියක් ඇදගෙන. ඊට පස්සෙ ඒ කෙල්ල ඇහුවලු මුගෙන් කනත්තට යන පාර. මූ ගත්කටටම කිව්වලු මෙන්න මේ පාර දිගේ කනත්තට යන්නෙ. ඔයාට තනිනං මාත් එන්නං ඔයත් එක්ක යන්න කියලා.

මූ මාර යකෙක්නේ බං! ඉතිං ඊට පස්සෙ මොකද වෙලා තියෙන්නේ?

අර කෙල්ලත් කියලා හා එහෙනං මාව කනත්තට එක්කං යන්න කියලා.

ඉතින් ඌ මෝහිනීව කනත්තට එක්කන් ගිහිල්ලද?

කනත්තට එක්කන් ගිහිල්ල විතරක් නෙමෙයි තව තව වැඩත් කරලා.

ඒ මොනවද?

ඌ ඒ කෙල්ලට කරදර කරන්නත් හදලා

මොකක් ! හොල්මනකට කරදර කරන්න හදලා?

ඒකි ඇත්තටම හොල්මනක් නෙමෙයි බං. ඒක අර උගෙ යාලුවො ටික ගහපු මාර ගේමක්.

ඒ කියන්නේ අර කෙල්ල ඇත්ත කෙල්ලෙක්? බොරුවට උපුල්ව බය කරලා?

ඔව් ඒක තමයි කරල තියෙන්නේ. ඒ වැඩේ කරන්න උන්ට රුපියල් තුන්හාර දාහක් ගිහිල්ලා. වැඩේ ඔරිජිනල් විදියටම තමයි කරලා තියෙන්නේ.

ඇයි ඒ උපුල්ගෙ යාලුවො ටික ඌව බය කරල තියෙන්නේ?

මේකයි වෙලා තියෙන්නෙ. ඔය වැඩේ වෙන්න ටික දවසකට ඉස්සෙල්ල තමයි අර අතන කුමාර මාමලගෙ ගෙවල් ගාව හිටපු කෙල්ලෙක් ඇක්සිඩන්ට් එකකින් මැරුණෙ. ඒ මළ ගෙදරට උපුලුත් ගිහිල්‍ලා. එතතනදි උගෙ යාලුවො ටික ඌත් එක්ක වාදෙකට පැටලිලා හොල්මන් ගැන. උපුල් කියනවලු හොල්මන් කියලා දෙයක් නෑ කියලා. ඒක ඔප්පු කරන්න විද්‍යාත්මක දේවලුත් කියනවලු. ඕක අහගෙන ඉන්න එවුන්ට ඒ වෙලාවෙ ටිකක් මළ පැනලා. ගහගන්නත් ගිහින්. ඒත් කොහොම හරි ෂේප් කරගෙන. ඒ වුණාට ඒ වෙලාවෙ උන් කතා වුණාලු කොහොම හරි මූට වැඩක් දෙනවා කියලා.

එතකොට ඕකද දීපු වැ‍ඩේ?

ඔව්. ඒ වුණාට ඒ වැඩෙත් උන් දීල තියෙන්නෙ විද්‍යාත්මක විදියට.

ඒ කියන්නේ?

උන් වැඩේට කෙල්ලෙක් හොයාගෙන තියෙන්නෙ මෙහෙමයි. උපුල් එක්ක එදා වාද කරපු එකෙක්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවලු හරියට අර මැරිච්ච කෙල්ල වගේ හැඩ හුරුකම් තියෙන. අන්න ඒ කෙල්ලව තමයි මෝහිනි වගේ අරගෙන තියෙන්නේ.

එතකොට අර මීදුම ආපු ඒවා? ලයිට් නිමිච්ච ඒවා කළේ කොහොමද?

මීදුම එන වැඩේ තමයි විද්‍යාවෙන් දීල තියෙන්නේ. උන් මීදුම හදලා තියෙන්නෙ ඩ්‍රයි අයිස් (වියලි අයිස්, ඒ කියන්නේ ඝන කාබන්ඩයොක්සයිඩ්) ලීටර් පහ හයක් ගෙනල්ලා ඒවා වලට වතුර දාලා. එතකොට නිකම්ම මීදුම වගේ වටේට හැදෙනවා.

ලයිට් ඕෆ් වෙච්ච ඒවා?

ඒක කරන්න උන් ඊට කලින් දවසෙ රෑ ගිහිල්ලා ලයිට් කණුවල ස්විච් ගලවලා ඒකෙ තියෙන වයර් වලට තව වයර් මුට්ටු කරලා ඒ වයර් එක තැනකට හයි කරලා උන්ට ඕන වෙලාවට ලයිට් ඔෆ් ඔන් කරන්න පුළුවන් විදියට.

මාර ගේමක් නෙ බං ගහලා තියෙන්නෙ

අර කෙල්ලගෙ අතේ තියලා තියෙන්නේ බෝනික්කෙක් ඇත්ත ළමයෙක් වගේම. ඒ කෙල්ල උපුල්ව අල්ලන්න කළින් අතට ෂොපින් බෑග් එකක් දාගෙන අත අයිස් කැට කෝප්පෙක ටිකක් වෙලා දාගෙන ඉඳලා තියෙනවා. එතකොට අත සීතල වෙනවනෙ.

අන්තිමට මොකද වෙලා තියෙන්නේ?

අන්තිමට උපුල් අර කෙල්ලව අරගෙන කනත්ත ඇතුලට ගියාට පස්සෙ අර කෙල්ලගෙ අතින් තද කරලා අල්ලලා. එතකොට ඒ කෙල්ලට කෑගැහිලා. ඒක ඇහිච්ච කෙල්ලගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ඇවිල්ලා සිද්ධිය උපුල්ට පැහැදිලි කරලා දීලා අන්තිමට වැඩේ කරපු එවුන් උපුල්ට කියලා උන්ගෙ අම්මලවත් මතක් කරගෙන ගිහිල්ලා තියෙන්නේ.

ඔන්න ඔය වෙලාවෙදි අපේ සිංහල පන්තිය පටන් ගන්න කට්ටියට පන්තිය ඇතුලට එන්න කිව්වා. ඒ වෙලාවෙදි මට මතක් වුණේ මමත් පන්ති ඇරිල යන්නේ උපුල් ව බය කරපු කනත්ත ගාවින්මයි කියන එක.

Wednesday, August 15, 2012

මෙන්න SMS රසකතා ටිකක් !


මම අද දාන්න යන්නේ මගේ ෆෝන් එකට මේ ළඟඳි ආපු එස්. එම්. එස් ටිකක්.  ගොඩ දෙනෙක් මේ මැසේජ් දැකලා ඇති. ඒ වුණාට දැකලා නැති අයට කියවලා පොඩ්ඩක් හිනා වෙන්න මම ඒවා ටික දාලා යන්නම්. මේ මම හදපු ඒවා නෙමෙයි. මේවා කියවලා මං ගැන වැරදියට හිතන්න එපා ඕං.....



ඔයාට අද කම්මැලියි වගේ නේද?
එහෙනං දැන් ෂිප් එක අරින්න. ඒක ඈත් කරලා ඇතුළට අත දාන්න. දැන් පොතක් අරගෙන පාඩම් කරන්න.



‍        එදා මම කෙල්ලගේ ගෙදරට ගියේ ගහනවමයි කියලා හිතාගෙන. මම යනකොට කෙල්ලගේ ගෙදරත්  කවුරුත් නෑ. මම කෙල්ලත් එක්ක ගිහින් ගෙදර සැටිය උඩ වාඩිවුණා. මම ගහන්න පටන් ගත්තා. රතු පාට එක, මැද්දේ ලස්සනට තියෙනවා. මම රතු පාට එක දාන්න ට්‍රයි කරනකොට මගේ සුදුපාට ඒවා ඉක්මනට ම ගියා. ඒත් කොහොම හරි මං මගේ රතුපාට එක දාගත්තා. අන්තිමට කැරම් ගහලා මං දිනුම් ! කෙල්ල පරාදයි.



        මෙන්න ඔබට මහඟු අවස්ථාවක්. මගේ දුරකතන අංකයට (075xxxxxxxx) රුපියල් 25 ක හෝ 49ක රීලෝඩ් එකක් දමා වටිනා ත්‍යාග දිනා ගන්න.
පළමු ත්‍යාගය - රුපියල් ලක්ෂ 50 ක් වටිනා මෝටර් රථයක පින්තූරයක්
දෙවන ත්‍යාගය - සිංගප්පූරුව දක්වා හෙලිකොප්ටර් සවාරියක් යන පිරිසකට අත වැනීමේ අවස්ථාවක්.
තුන්වන ත්‍යාගය  - මා සමග සුපිරි රාත්‍රි ආහාර වේලක් ඔබේ වියදමින්.
ඉක්මන් කරන්න. මෙම මහඟු අවස්ථාව හිමිවන්නේ මෙම සතිය තුළ යොදන රීලෝඩ් වලට පමණයි.



        ඔයා තමයි මගේ වස්තුව. මම ඔයාව මගේ කරගත්තේ ගොඩක් මහන්සි වෙලා. මම හැමතැනම ගියේ ඔයත් එක්ක. ඔයත් මගේ හෙවනැල්ල වගේ මං ගිය හැමතැනකටම ආවා. එදත් හැමදාම වගේ මං පන්සලට ගියා. මම බුදුමැදුරට යනකොට ඔයාට එළියෙන් ඉන්න කියලා ගියේ. ඒත් මම ආපහු එනකොට ඔයා නෑ. මට ගොඩාක් දුක හිතුණා. අන්තිමට මම දුක දරාගන්න බැරි තැන හැමෝටම ඇහෙන්න කැගහල මෙහෙම කිව්වා. කවුද යකෝ පන්සලේ සෙරප්පු උස්සන එකා?




කෙල්ල : අනේ මගෙ රත්තරං නවත්තන්නම් එපා. දිගටම කරන්න....
කොල්ලා : අනේ ඔයාගේ ගවුම පොඩ්ඩක් උස්සගන්නකෝ.... ඒකත් එක්ක බෑ.
කෙල්ල : මොකද?.... දාඩියත් දාලා.... චන්ඩියා වගේ කරන්න පටන් ගත්තට දැනටම හති.
කොල්ලා : මට නම් දැන් හොඳටම හති.
කෙල්ල : අනේ කොහොම හරි කරන්න....... තව ටිකයි.......
කොල්ලා : ම‍ට නම් දැන් මාර අමාරුයි. ඩබල් දාලා බයිසිකලෙන් කන්දක් පාගනකොට මෙහෙම තමා.  



දැනට මෙච්චරයි. තව ගොඩක් තියෙනවා. දාන්න වෙලාවක් තමා නැත්තේ. අදට නවතින්නම් මෙතනින්. ආයෙත් එනකොට තව කතා ටිකක් අරගෙන එන්නම්.

Saturday, August 11, 2012

කෝකියාට වැහුණු භූතයා (සම්පූර්ණ කතාව)



 මම කළිනුත් මේ කතාවම පළ කළා. ඒත් පොඩි අතපසු වීමකින් සම්පූර්ණ කතාවම පෝස්ට් වෙලා තිබුණෙ නෑ. ආයෙත් කතාව මුල ඉදන්ම ඉවර වෙනකන්ම තියෙනවා

     මේ කතාව සත්‍ය සිදුවීමක්. විශ්වාස කිරීම නොකිරිම ඔබ සතුයි.

     එදා වෙලාව හරියටම රෑ 11 යි.  අපේ තාත්තා මට කතා කළා පොඩි ගමනක් යන්න එන්න කියලා. මමත් ඉතින් ඉක්මනට ෂර්ට් එකක් දාගෙන තාත්තත් එක්ක ගියා. අපි ගියෙ අපේ ලොකු අම්මලගෙ කෑම කඩේට. අපි යනකොට කඩේ වහල ඇතුල ඒකෙ වැඩ කරන අය අස් කරනවා. 

ඇයි තාත්තේ මේ වෙලාවේ කඩේට ආවේ ? මම ඇහුවා.

මේ කඩේ වැඩ කරන කෙනෙක්ට අද රෑ එකොළහ මාරට භූතයක් වැහෙනවා කිව්වලු

මොකක්? භුතයෙක් ?

ඔව්. මාත් ආවෙ ඒ මොකක්ද කියලා බලන්න තමයි.

මම කඩේ ඇතුලට ගියා. ඇතුලෙ කට්ටිය ගොඩ දෙනෙක් වට වෙලා බලාගෙන ඉන්නවා.  මැද්දේ පුටුවක වාඩිවෙලා ඉන්නවා අවුරුදු විස්සක තිහක විතර කෙට්ටු කළු මනුස්සයෙක්. මම දැක්ක ගමන් ඒ මනුස්සයව අඳුනගත්තා. ඒ කඩේ කෑම උයන කෙනා. නම වසන්ත. මාතලේ පැත්තේ ඉදං ආපු කෙනෙක්.

     ලොකු අම්මත් පැත්තක පුටුවක වාඩි වෙලා හිටියා. මම ගිහින් ඇහුවා මොකක්ද සිද්ධිය කියලා.
අද උදේ තමයි වුණේ. උදේ එකොළහට විතර මේ මිනිහා කුකින් රූම් එක පැත්තේ ඉදං කෑගහන්න පටන් ගත්තා මෙහෙ වරෙං..... මොහ වරෙං..... කියලා. අපි ඔක්කොම ගිහින් බැලුවා. මේ මිනිහා ආරූඪ වෙලා කියවනවා. මොනාද මන්දා කියවගෙන ගියා අපිට තේරුණේ නෑ.

ඊට පස්සේ ?

ඊට පස්සේ විනාඩි දෙකු තුනකින් කියවන එක නතර වුණා. හැබැයි නතර වෙන්න කලින් කිව්වා මම ආයෙත් රැ එකොළහ මාරට එනවා කියලා. හැබැයි මේ මිනිහට මුකුත් මතක නෑ.

ඒකද මේ එකොළහ මාර වෙනකං බලාගෙන ඉන්නේ?

ඔව්. මොකක්ද මේ අවුල කියලා බලාගන්න එපෑ

     මමත් ඉතින් බලං හිටියා එකොළහ මාර වෙකනං. එතන ඔරලෝසුවක් වත් නෑ වෙලාව බලාගන්න. මම ඔය භුත කතාව කලින් දන්නවනම් මම කැමරාව අරං එනවා වැඩේ වීඩියෝ කරන්න. එකත් කොහොම කොහොම හරි කරන්න බැරි වුණා.

මං නං හිතන්නේ මේක අරූගෙ බොරුවක් වෙන්න ඇති. මං දන්නවනේ ඕකගෙ හැටි කඩේ කෑම උයන නාදන් කියලා දෙමළ කෙනෙක් හැමෝමත් එක්ක කිව්වා.

මට වුනත් පුලුවන් ඕන්නං ඔය විදිහට රඟපාන්න. මේක ෂුවර් එකටම මුගෙ මරුසියක් 

     නාදන් කියන ඒවා වසන්ත නම් ගනං ගත්තේ නෑ. ඔය වෙලාවේ අපේ ලොකු අම්මා එයාගේ අත් ඔරලෝසුවෙන් වෙලාව බලල මෙහෙම කිව්වා.

දැන් වෙලාව එකොළහයි තිස් පහයි. කෝ තාම භුතයා නෑනේ.

මෙහෙම කිව්වා විතරයි වසන්ත ගේ ඇස් එකපාරටම ලොකු වුණා. ඉදං හිටපු පුටුවෙන් නැගිට්ටා.

මම ආවා බොලව්. මම ආවා මහ හයියෙන් කැ ගහලා කිව්වා. එහෙම කියපු පාරට වටේ හිටපු කට්ටිය බය වෙලා පස්සට ගියා.

     ඔය අතරෙදි අර නාදන් කෑ ගහගෙන බිම ඇදගෙන වැටුණා. එයාගේ කටින් සෙම බේරෙනවා. මහ වේදනාවෙන් දෙමළෙන් කෑගැහුවා. බෙල්ල අතින් අල්ලගෙන අමාරුවෙන් තමයි කෑගැහුවෙ. වසන්ත වටේ හිටපු කට්ටිය ඔක්කොම නාදන් ගාවට ගියා.

මොකද මේ එක පාරටම වුණෙ නාදන්?

අනේ මහත්තයෝ මගේ බෙල්ල කවුද තද කරනවා. මට හුස්ම ගන්න බෑ......... නාදන් අමාරුවෙන් වචනයක් ගොතාගෙන කිව්වා.

ඔය තියෙන්නේ ඔය මිනිහගෙ දඩුවම........ මම තමයි එහෙම කළේ........... කට පරිස්සම් කරගෙන හිටියනං ඕක වෙන්නේ නැහැ. වසන්න කිව්වා.

‍මොනා හරි කරලා මේ මිනිහව හොඳ කරන්න.... නැත්තං මෙයි මැරෙයි ළඟ හිටිය කවුද මන්දා කිව්වා.

     ඊට පස්සේ වසන්ත වැටිල හිටිය නාදන් ගාවට ගියා. මොනාද මන්දා මන්තරයක් විනාඩි දෙක තුනක් කිව්වා. කියලා බෙල්ල වටේ අත අරන් ගියා. මාර පුදුමයක්. ඒ වෙලාවේ නාදන්ට මුකුත් වුණේ නෑ වගේ හොඳ වුණා. ඊට කලින් තමන්ගේ බෙල්ල හිරවෙලා තිබුණ වගක් වත් එයාගෙන් පෙනුනේ නෑ.

මම මාතලේ අහවල් පන්සලේ (පන්සලක නමක් කිව්වා) ලොකු හාමුදුරුවෝ. මම අපවත් වුණේ මීට අවුරුදු දහයකට විතර කලින්. මම දැන් කතරගම දෙයිහාමුදුරුවෝ ගාව තමයි වැඩ ඉන්නේ වසන්ත කියවගෙන ගියා.

     ඔය කතාව අහලා ළඟ ඉන්න ඔක්කොම කට්ටිය පුදුම වුණා.

ඉතින් ඇයි ඔබතුමා වසන්තගේ ඇඟට වැහිලා ඉන්නේ? කඩේම වැඩ කරන තව කෙනෙක් ඇහුවා.

මේ පින්වතාගේ තාත්තා අපේ පන්සලේ හොඳ දායක මහත්තයෙක්. ඒයා මියපරලොව ගියාට පස්සේ එයාගේ පරපුරේ කෙනෙකුට ඉන්නේ මේ උපාසක ඇත්තෝ විතරයි. මේ වගේ දේව වරමක් ලේසියෙක් කාටවත් ලැබෙන්නේ නෑ.

     ළග හිටපු අය පුදුම වෙලා බලං ඉන්නවා.  හැබැයි එක්කෙනෙක් වත් ළඟට යන්න බයයි. මටත් ඉතින් ඒ වලාවෙ ළඟට යන්න බට හිතුනා. ඔහොම ටික වෙලාවක් ඉන්න කොට වසන්ත මෙහෙම කිව්වා.

මට මේ ළඟ තියෙන පන්සලට යන්න ඕනෙ. මාව එක්කං පලයං පන්සලට........

     එතකොට වෙලාව රෑ දොළහට විනාඩි පහක් විතර ඇති. මේ වෙලාවට මොන පන්සල්ද? ඒත් කරන්න දෙයක් නෑ. එක්කන් යන්නම වෙනවා. ඒක හින්දා කඩේ තිබ්බ වෑන් එකකට එයාව නග්ගගෙන පන්සලට අරං ගියා.

     පන්සල ගාවට යනකොට පන්සලේ බලු බල්ලෙක් නෑ. ගේට්ටු ඔක්කොම වහල. ඒ පැත්තෙන් යන්න බෑ. ඉට පස්සේ පන්සලේ අනිත් පැත්තෙන් එයාව පන්සල ඇතුලට එක්කගෙන ගියා.

     පන්සල ඇතුලෙදි පිස්සුවෙන් වගේ ඇවිද්ද එයා අන්තිමට නතර වුණේ පන්සලේ කතරගම දේවාලේ ගාව. එතනට ආපු ගමන් කළේ එතන බඩගාලා දේවාලෙට වැඳපු එක. ඊට පස්සේ දෙමළෙන් මොනාද මන්දා කියවන්න පටන් ගත්තා.  එහෙම කියවලා ඉවර වෙලා එතනින් හිමීට නැගිට්ටා. එතකොට අර ආවේස ගතිය තිබුණෙ නෑ. මුකුත් කතා කළෙත් නෑ.

දැන් මොකෝ වසන්ත? එතන හිටපු කෙනෙක් ඇහුවා.

ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද?.... මම මේ කොහෙද ඉන්නේ? ..........දැන් වෙලාව කීයද?.......

වසන්ත ඔය වගේ ප්‍රශ්න වැලක් අහන්න පටන් ගත්තා. එතනින් පස්සේ ඉතින් කියන්න දෙයක් නෑ. සාමාන්‍ය විදියට එතන ඉඳන් වසන්ත වැඩ කරන්න ගත්තා. ඒත් පහුවෙනිදා උදේ වෙනකන් විතරයි.

     මේ සිද්ධිය ගැන මගේ පරීක්ෂණ තාම ඉවර නෑ. ආයෙත් පාරක් මිනිහට භුතයා වැහෙනවා කියලා ආරංචි වුනොත් මම අනිවා ඒක වීඩියෝ කරලා ඕගොල්ලන්ට පෙන්නනවා. අදට සමුගමු.

     මේක කියවන ඕගොල්ලන්ටත් මේ සිද්ධිය ගැන අදහස් ඇති. මම නම් හිතන්නේ මේක අරුන් දෙන්නා එකතු වෙලා රඟපෑව නාට්‍යයක් කියලා. ඕගොල්ල‍න්ගේ අදහසුත් පහල කමෙන්ට් කරලා යන්න..

Monday, August 6, 2012

දහම් පාසල් අරං ගිය ෆෝන් එක


       ඉස්කෝලෙ නිවාඩුවත් පටන් ගත්තා. දැන් ඉතින් මාසයක් ම තියෙනවා.  ඒත් නිවාඩුව පටන් අරං දවස් දෙකයි ගියේ. මාව තව ඩිංගෙං අපේ දහම් පාසලෙන් අස් කරනවා.  මේකයි සිද්ධ වුණේ.
   
      මේ ඉරිදා, ඒ කියන්නේ 2012 අගෝස්තු 5 වෙනිදා අපේ දහම් පාසලේ නිවාඩු දෙන දවස. මම ශිෂ්‍ය නායකයෙක් හින්දා උදෙන්ම දහම් පාසලට යන්න ඕනෙ. උදේ හයහා මාරට විතර එදත් මං දහම් පාසලට ගියා. දෙතුන් දෙනෙක් ඇවිල්ලා හිටියා. මම ඉතින් ඔහේ කම්මැලිකමේ හිටියා දහම් පාසල පටන් ගන්නකං හතහමාර වෙනකං. 

    හැබැයි එදා දහම් පාසල පටන් ගත්තේ වෙනදා වගේ නෙමෙයි. වෙනදට උදේ රැස්වීම තියෙන තැන නෙමෙයි එදා රැස්වීම තිබුණෙ. අළුතෙන් හදපු දහම් පාසල් ගොඩනැගිල්ලෙ තමයි රැස්වීම තිබුණෙ. එදා කෙරුවෙ හැම පන්තියකින් ම පළවෙනියා, දෙවැනියා, තුන්වැනියා ගත්ත අයට රිපෝට් එක දෙන එක. අපිට ළමයි ටික බලාගන්න භාර වුණා. මට ඉතින් සුපුරුදු පරිදිම ලැබුණෙ 9 වසර බලාගන්න. පන්තියෙ තුන්වැනියා හින්දා මමත් මගේ රිපෝට් එක ඉස්සරහට ගිහින් අරගෙන රැස්වීම ඉවර වුණාට පස්සේ එතන පොඩ්ඩක් අස් කරන්න උදව් කරලා අපේ පන්තියට ආවා.

    එදා අපේ පන්තියේ පිරිමි ළමයි ඇවිල්ලා හිටියෙ මාත් එක්ක හතර දෙනයි. මං විතරයි එතන ශිෂ්‍ය නායකයෙක්ට හිටියෙ. ඔන්න ඉතින් මං පන්තියට වෙලා අපේ පන්තියෙ එවුන් එක්ක පන්තියෙ ඉන්න කෙල්ලන්ට විහිළු කර කර හිටියා. ඔහොම ඉන්නකොට Head Prefect ඇවිල්ලා මට කතා කරගෙන එක්කරගෙන ගියා රැස්වීමක් කියලා. රැස්වීමෙදි කිව්වේ මේකයි.

අද මේ දහම් පාසලට කවුරු හරි ෆෝන් එකක් ගෙනල්ලා කියලා ආරංචියක් තියෙනවා. ඒ හින්දා ලොකු හාමුදුරුවෝ කිව්වා ඔක්කෝම පන්ති චෙක් කරන්න කියලා. දැන් ඉතින් ඔක්කොම තමන්ට භාර දීල තියෙන පන්තියට ගිහිල්ලා ඒකෙ ඉන්න අයවයි ඒගොල්ලන්ගෙ බෑගුයි චෙක් කරන්න ඕනෙ. මොනවහරි තිබුනොත් ඒක ගෙනාව කෙනාව අපිට කියන්න ඕනෙ. එකෙක්වත් උන්ව රකින්න ලෑස්ති වෙන්න එපා. අපි එනවා හැම පන්තියකටම බලන්න. දැන් යන්න

    ඔන්න ඔය වෙලාවෙ තමයි මතක් වුණේ අපේ පන්තියෙ ඉන්න මගෙ ලක්ෂාන් කියලා මගෙ යාලුවෙකුත් අද ෆෝන් එක අරං ආවා කියලා. දැන් ඉතින් ඌව හදිස්සියෙ හරි අහුවුනොත් ඌ ඉවරයි. මං කියලා මොනා කරන්නද? මමයි තව 10 වසරෙ මල්ලි කෙනෙකුයි තව කෙල්ලො දෙන්නෙකුයි ගියා 9 වසරෙ පන්තිය චෙක් කරන්න. අපේ පන්තිය තියෙන්නේ 9 වසර පන්තිය එහා පැත්තේ. මං යනකොට අපේ පන්තියට කවුරුත් ඇවිල්ලා හිටියෙ නෑ. මං හිමීට පන්තියට ගිහින් ලක්ෂාන්ට කතා කරලා කිව්වා වෙන්න යන සීන් එක ගැන. ඒක අහලා ඌ මෙන්න මෙහෙම කිව්වා.

අඩෝ මේ...... මචං උඹ ශිෂ්‍ය නායකයෙක්නේ බං... උඹ තියාගනින්කෝ බං ෆෝන් එක..... මොකක්ද බං........

    දැන් ඉතින් බෑ කියලත් බෑ හා කියලත් බෑ. මොනවා කරන්නද? මට ගොඩක් උදව් කරලා තියෙන එකෙක්නේ. මං ෆෝන් එක ඉල්ලගත්තා මගේ බෑග් එකේ දාලා ඒක ඔෆිස් එක එහා පැත්තේ තියෙන කාමරෙන් ගෙනිහින් තියනවා කියලා. (ගොඩක් prefect ලා උදෙන්ම එන හින්දා බෑග් එක තියන්නේ එතන) මං මගේ බෑග් එක අරගෙන ඒකෙ තියෙන සයිඩ් පොකට් එකක් ඇරියා ‍ෆෝන් එක දාන්න කියලා. මල ජූලියයි! මගේ ‍ෆෝන් එකත් බෑග් එකේ. සෙනසුරාදා පන්ති ගිහින් පන්තියෙදි බෑග් එකට දාගත්ත ෆෝන් එක තාම බෑග් එකේ. දැන් ෆෝන් එකක් නෙමෙයි දෙකක්.

    ඉතින් මං බෑග් එක අර කාමරෙන් දාලා 9 වසර පන්තිය චෙක් කරන්න ආවා. ඒකෙ ඉන්න ඔක්කොම එවුන් උන්ව චෙක් කරනකොට හිනා වෙනවා.  බෑග් චෙක් කරනකොට එකෙක්ගේ බෑග් එකේ තියලා රීචාර්ජ් කාඩ් 50ක් විතර හම්බ වුණා. තව එකෙක්ගේ සයිඩ් පොකට් වල තියලා ලියුම් දෙක තුනකුත් හම්බ වුණා. ලියුම් වලින් මට අපල හින්දා ඒවත් දැක්කේ නෑ වගේ හිටියා.  පව් වැඩේ පොඩි එවුන්නේ. අපිට කිව්වේ ෆෝන් එකක් හොයන්න කියලනෙ.

    පන්ති ඔක්කොම චෙක් කලත් ෆෝන් එකක් හොයාගන්න බැරි වෙලා. අන්තිමට ශිෂ්‍ය නායකයන්ගේ බෑග් චෙක් කරන්න කිව්වා. ඔන්න ඒ වෙලාවේ තමයි මට තිස් තුන් කෝටියක් දෙයියෝ සිහිවුනේ. ඔක්කෝටම බෑග් අරන් එන්න කිව්වා අර ඔෆිස් ක‍එක එහා පත්තේ තියෙන රූම් එකටම. බෑග් එක පන්තියෙ තිබුනනං ලක්ෂානයට වත් ෆෝන් එක සොරි සොරි ෆෝන් දෙක දෙනවා තියාගන්න කියලා. කොහෙද දැන් බෑග් එක රූම්එක ඇතුලෙම තියෙනවා. අපිව චෙක් කරන්න ගත්තේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. අපේ බෑග් චෙක් කරන්න ගත්තේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. මාව චෙක් කරන ගමන් මගේ බෑග් එක චෙක් කරන දිහාත් මං බලං හිටියා. බෑග් එක අරගෙන පොත් අස්සෙයි තව තියෙන පොකට් දෙක තුනකයි චෙක් කරලා බැලුවා. ෆෝන් එක තියෙන පොකට් එක අරින්න හදන කොට ම හාමුදුරුවෝ ඒ අක්කට කතා කළා. හාමුදුරුවෝ ඒ අක්කව මොකක්ද වැඩකට යැව්වා. ඊ‍ට පස්සේ ආයෙත් ආවට මගේ බෑග් එක චෙක් කළේ නෑ. අනිත් එවුන්ගේ බෑග් චෙක් කරන්න ගත්තා. හාමුදුරුවෙනං ඇත්තටම දෙයියෙක්.

    එදානං මගේ වසනාවට එහෙම වුණේ. ෆෝන් එකක්නං කමක් නෑ දෙකක්! මාට්ටු වුනොත් කොහොමට හිටීද?  

Thursday, August 2, 2012

මෙන්න නියම කතාවක් ! කියවලම බලන්න!

මේ කතාව මං හොයාගත්තේ ෆේස්බුක් එකේ කැරකි කැරකි ඉන්න වෙලාවක. කම්මැලිකම ඔහේ කියෙව්වට ඇත්තටම මේ කතාව අපේ ජීවිතයට ආදර්ශයක් දෙන කතාවක්. මේ කතාව දාලා තිබුණේ ෆේස්බුක් එකේ "පට්ට වැඩ" කියන පේජ් එකෙන්. එතනට යන්න මෙතන ඔබන්න. ඔන්න මේක මම ලියපු එකක් එහෙම නෙමෙයි !...
මෙන්න ඒ කතාව.....







සොරිම තමයි


මොන මගුලක්ද


මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ..


ඔබ එන්න සුළඟේ දැවටිලාමම ඉන්නෙ ඔබ දැන් එයි කියා


ඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැළුව අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.


මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නන්දම්මයි මාමණ්ඩියයිනෙ..මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්..
හරිනෙ බොලේ දැං මතක් උනේ..අද එයාව මීට් වෙන්න පොරොන්දු උනානෙ.පරක්කු උනොත් වසල හමාරයි..මම දඩි බිඩි ගාල ඇදෙන් පැනල ලෑස්ති වෙන්න දිව්ව..
අම්මේ..අම්මේ නැගිටින්න..මට අද පංති
උදේ පාන්දරම අම්මට බොරුවක් කියල නැගිට්ටෙව්ව..


මූන කට සෝදන් ලෑස්ති වෙලා අම්ම උයල තිබුන කිරි හොද්දයි බතුයි එක්ක බත් ටිකක් ගිල්ල ටක් ගාල..
හවස් වෙනවද පුතේ එනකොට ?
ඔව් අම්මෙ,හවස 5ටනෙ ඉවර වෙන්නෙ
එහෙනම් ඉන්න පුතේ.මං ටක් ගාල තව එළවලුවක් රත් කරල දවල්ට කන්න බත් එකක් බඳින්නම්.. ඔය කඩවල ජරාව කන්න හොඳ නෑ මේ දවස්වල මට මුකුත් කියන්න ඉඩක් නොතියම අම්ම උයන්න ගියා..


කීක් කීක් කීක් කීක්
patio, api ada lunch eka Florence cafe 1n ganimu..welawata
enna. nathnam mama yanawa..ummmmmmma.


හරිනෙ ඉතිං.අදත් අම්මගෙ බත් එක විසි කරන්න තමයි වෙන්නෙ.. දවල් කෑමටත් සුපිරි වියදමක් යාවි..මං හැදුවෙ අද කෙල්ලත් එක්ක ෆිල්ම් එක බලන්න. එහෙම උනොත් සල්ලි මදි වෙනවනෙ..
අම්මේ අද පංතියට සල්ලි ඕන.. තුන්වෙනි සතියනෙ. කාඩ් ගන්නෙ නැතුව ඇතුලට යන්න දෙන්නෙ නෑ


සල්ලි නෑ පුතේ..හෙට පොලේ යන්න රුපියල් 1000 ක් ඇති.එහෙනම් ඒකවත් ගෙනියන්න. මොනව කරන්නද ?


හ්ම්ම්ම් එහෙනම් ඒකත් හරි මම ආපහු ලෑස්ති වෙන්න කාමරේට ආව.. හෙයා ක්‍රීම් ටිකක් ගාල කොන්ඩෙ කෙලින් කරා.. කෝ මේ සෙන්ට් බෝතලේ ? කෙල්ල පපුවට තුරුල් වෙලා ෆිල්ම් එක බලද්දි ගඳ ගැහුවොත් හද්ද නෝන්ඩියනෙ.. මම කණ්නාඩියෙන් පේන මගේ ප්‍රතිබිම්බය දිහා බලං මහ වනචර හිනාවක් දැම්ම..


අනිත් උන් කෑලි එක්ක රූම් ගානෙ යනව නම් මම ෆිල්ම් එකක් බැළුවම මොකද? මම මූණ එක එක විදියට හැදුව කණ්නාඩියෙන් බලං..මම කණ්නාඩියෙ මට විරිත්තුවඌත් මට විරිත්තුව..මම එරෙව්ව..ඒත් මූ විරිත්තන්ම ඉන්නව..


මොකක් ? මම දිව ඇද්දා.ඒත් කණ්නාඩියෙ මම ඉස්සෙල්ල විදියටම විරිත්තන් ඉන්නව..
මොකද උඹ මට විරිත්තන්නෙ ?
මම කණ්න්නඩියෙ ඉන්න මගෙන් ඇහුව..
නෑ.. මට උඹ දැක්කම හිනා ගියා
ඒ මොකද උඹ මට හිනා වෙන්නෙ ?
උඹ නපුංසකයෙක්
මොකක් ? ගහනව මූසලය කුඩු වෙන්න..මගේ කෙල්ලගෙන් අහපන් මම කවුද කියල
උප්පැන්නෙ පුරුෂ කියල තිබුනට, ඔය පිරිමි අවයවේ තිබුන කියල උඹ මිනිහෙක් වෙන්නෙ නෑ


මොකක්ද උඹ කියන්න හදන්නෙ ? බණක් නම් සොරිම තමයි.මට ඕවට වෙලා නෑ.මං එනකම් කෙල්ල බලං ඉන්නව
ඉතිං පලයං..හැබැයි යන්න කලින් මෙකත් අහපං..උඹ අර අහිංසක අම්මට බොරු කරනවට උඹට හෙන ගහනව..ඒ මනුස්සය හිතන් ඉන්නෙ උඹ පංති ගිහින් හොඳට ඉගෙන ගන්නව ඇති කියල..තමන්ගෙ දරුව මහන්සි වෙලා පවුල ගොඩ දාවි කියල.ඒත් උඹ උඹේ පවුල එක්ක ෆන් ගන්න යනව.කවද හරි තේරෙයි උඹට..ඒත් එදාට අර අහිංසක අම්ම විඳවල මැරෙයි උඹ වගේ කාලකණ්නියෙක් බිහි කරපු වරදට..ලැජ්ජ නැද්ද මිනිහෝ,ගෙදර උන් කිරි හොද්දයි බතුයි කනකොට උඹ කොහෙවත් ඉන්න එකියක් එක්ක ෆයිඩ් රයිස් ගිලිනව. උඹට වදපු අම්මට රහට කන්න ටිකක් දෙන්න බැරි උනා..
තරුණ කාලෙ එහෙම තමයි..ආදරේ කරන එක වැරැද්දක් නෙවෙයිනෙ
ඔව් වැරදි නෑ..ඒත් පිට උන්ට ලව් කරන්න කලින් තමන් වදපු අම්මට ලව් කරපං.. උඹ කෙල්ල එක්ක රංඩු උනාම ඒකිගෙ මූන ලෙව කකා හුරතල් කරනව..ඔලුවෙ අත තියල දිවුරල පොරොන්දු දෙනව.අහස තරන් ආදරෙයි කියනව.මට කියපන් කවදද උඹ් තමන්ගෙ අම්මගෙ මූන ඉඹල මහෙ රත්තරං අම්මට මම ගොඩක් ආදරෙයි..මම අම්මගෙ හැම හීනයක්ම හැබෑ කරනව කියල කිව්වෙ ? කවදාවත් උඹ එහෙම කියල නෑ..ඇයි උඹට අම්මගෙ රැලි වැටුන වයසක මූන ඉඹින්න අප්පිරියද ?
පිස්සුද ? ඒ පොඩි කාලෙ අම්මලව ඉඹින්නෙ..දැන් ඕව කරන්න ලැජ්ජ නැද්ද ?


එතකොට දැන් ඉඹින්න ඕන කෙල්ල්ලොන්වද ? අනේ පලයං බං යන්න.. උඹල කොල්ලොත් එක්ක බෝතලයක් බිව්වම තමයි වීරයො.ගෙදර උන්ට බොරු සේරම කියල තියෙන තුට්ටු දෙකත් හොරකන් කරන් එක්කො කෙල්ලො එක්ක ෆන් ගන්න කියල යයි,නැත්නම් කොල්ලොත් එක්ක සෙට් වෙයි.ඕකනෙ උඹ්ලගෙ ජීවිතේ..උඹලගෙ ලෝකෙ වීරයො කොහෙ හරි ඉන්න තව රස්තියාදු කාරයෙක්,නැත්නම් බේබද්දෙක්..මිනිහො දහ දුක් විඳල උඹලට කන්න අඳින්න දෙන,උඹලට ෆන් ගන්න සල්ලි හොයල දෙන උඹගෙ තාත්තව උඹට ඈණයක්.. උඹව වලට ඇදල දාන කොල්ලො සෙට් එක උඹට බොක්කට වඩා වටිනව නේ.. අනිත් එක උඹේ ඔය ගෑණි.හැදිච්ච කෙල්ලෙක් නම් කොච්චර ලව් කරත් ඕවයි රිංගන්න එන්නෙ නෑ.. උන් ලව් කරන්නෙ හදවතින්.. කොල්ලට පොඩි ආතල් එකක් දීල ඌ හිඳෙනකං නැති කරන ගෑණුන්ට කියන්න වෙන නමක් තියෙනව
කට වහපං..තව වචනයක් හරි එයාට කිව්වොත් ම්ං තෝ මරණව
-ඇයි උඹට දුකයිද ? උඹට මාව මරන්න බෑ.මොකද මං උඹේ හෘද සාක්ෂිය. උඹට තමන්ගෙ හෘද සාක්ෂියට මරන්නත් බෑ.බොරු කරන්නත් බෑ.. තේරුම් ගනිං.ඔය වගේ කෙල්ලෙක් එක්ක කොහොමද අවුරුදු 50 ක් 60ක් එකට ජීවත් වෙන්නෙ.. අනික උඹ මොනව කිව්වත් ඕකි නරක කෙල්ලෙක්..තමන්ගෙ හැඟීම් දැන් පාලනය කර ගන්න බැරි නම් කොහොමද උඹව බැන්දම පාලනය කර ගන්නෙ ? සාර්ථක ජීවිතයක් ගෙනියන්න පූලූවන්ද ඔහොම කෙනෙක් එක්ක?


මං දන්නෑ. උඹ මාව පිස්සු වට්ටවනව
පිස්සු හැදෙන්නෙ උඹ තනි උන දවසට.අම්ම,තාත්තට පූළුවන් කාලයක් උඹට කන්න දෙයි. ඊට පස්සෙ කොහොමද උඹ කන්නේ ? යාළුවො ගෙනත් දෙනවද ? ඔය කෙල්ල හම්බ කරල දෙනවද ? නෑ උඹට එදාට කවුරුවත් නෑ.. එදාට තනියම විඳවන්න වෙනව උඹට.. හොරකම් කරල හරි මංකොල්ල කාල හරි තමයි ජීවත් වෙන්න වෙන්නෙ එදාට.. බල්ලෙක් වගේ පාරක මැරිල යන්න තමයි වෙන්නෙ.. දැන් වත් හැදියන්.. තාම පරක්කු නෑ.. මිනිහෙක් වෙයන්..නියම පිරිමියෙක් වෙයන්.. උඹේ දහඩිය මහන්සියෙන් හම්බ කරල ඒකෙන් ගෙදර මිනිස්සුන්ට බඩ පිරෙන්න කෑම වේලක් අරන් දියන්.. එදාට මං පිලි ගන්නම් උඹ නියම පිරිමියෙක් කියල..
මං ගෙදර මිනිස්සු ගැන හිතන්නෑ කියලද උඹ කියන්නෙ ?
කොල්ලෙක් අම්ම මතක් කරල කුණුහර්පයක් කිව්වම ඌත් එක්ක මරා ගන්න එකට නෙවෙයි කැක්කුම කියන්නෙ.. උඹ එයාටල ඇත්තටම ආදරේ නම් ඒක ඔප්පු කරපං.. නැත්තන් උඹේ අම්ම තාත්ත මැරුණම පාංසුකූලෙ දෙන්නවත් උඹට බැරිවෙයි..


ඇති..ඇති..දැන් හොඳටම ඇති..නවත්තපං ඕක
මම බිත්තියෙ එල්ලල තිබුන කණ්නාඩිය ගලවල අරං පොළවෙ ගැහුව..ඒක පොඩි පොඩි කෑලිවලට කැඩුණ..ඒ අතරින් මගේ රූපයත් බොඳ වෙලා පෙනුන..


මොකක්ද පුතේ බිඳුනේ ? හා කණ්නාඩිය කුඩු වෙලා නේ ද ? ඉන්න මං අස් කරන්නම්.පුතා දැන් යන්න,පරක්කුත් වෙලානෙ.මෙන්න බත් එක
අම්ම බිඳුන කණ්නාඩියෙ කෑලි ඇහිදීනව..ඒ අතරෙ මගේ ෆෝන් එකත් රිංග් වෙනව..මං ෆෝන් එක ඕෆ් කරා..
අම්මෙ මගේ ඔළුව රිදෙනව. අද යන්න බෑ