Pages

Monday, July 30, 2012

කිසිම සොෆ්ට්වෙයාර් එකක් නැතුව යූ ටියුබ් එකෙන් ටක් ගාලා වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න හැටි

මම අද කියලා දෙන්න යන්නේ ගොඩ දෙනෙක්ට වැදගත් දෙයක් ගැන. අපි හැමෝම යූ ටියුබ් වෙබ් අඩවියෙන් වීඩියෝස් බලනවා. ඒ වුනාට යූ ටියුබ් එකේ තියෙන වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න ගොඩ දෙනෙක් එක එක ජාතියේ සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරනවා. අද මං කියලා දෙන්නේ කිසිම සොෆ්ට්වෙයර් එකක් නැතුව යූ ටියුබ් එකෙන් කෙලින්ම වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න විදිය.මේක කරන්න හරි ලේසියි. මෙන්න මෙහෙමයි කරන්නේ


1. මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න ඕන වීඩියෝ එක තියෙන සයිට් එකට ඔයාගේ web browser එකෙන් යන්න.


2. ඊට පස්සේ ඔයාගේ web browser එකේ address bar එක මෙහෙම තියෙනවා.


3.දැන් ඒ address bar එකේ www.youtube.com/watch?v=xxxxxxxx විදියට තියෙනවනේ අන් ඒකේ youtube කියන වචනෙට එහා පැත්තෙන් "keep" කියන වචනේ ටයිප් කරන්න තියෙන්නේ.
උදා :- www.keepyoutube.com/watch?v=xxxxxxx


4. දැන් ඔයාට වෙන වෙබ් පේජ් එකක් බලාගන්න හම්බ වෙනවා මෙන්න මේ විදියට

















5. ඒකෙ තියෙන Download! කියන බට්න් එක ක්ලික් කරපු ගමන් වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගනීවි.


යන්න කලින් කමෙන්ට් එකක් දාලා යන්න. ඔයාලගෙ පුතිචාර නිසයි මම මේ කොහොම හරි අමාරුවෙන් මේ බ්ලොග් එක ඇදගෙන යන්නේ. ප්‍රශ්නයක් තියෙනවානම් ඒකත් කමෙන්ට් එකක් විදියට දාන්න. මම උත්තරේ දෙන්නම්.

Thursday, July 26, 2012

ෂර්ලොක් හෝම්ස්

මට මේ සිද්ධිය වුණේ මම 8 වසරෙදි. අද වගේම ඒ කාලෙත් මට ෂර්ලොක් හෝම්ස් පිස්සුව තිබුණා. ෂර්ලොක් හෝම්ස් කතා කියවලා කියවලා මට මාර ආසාවක් තිබුණා රහස් පරීක්ෂණයක් කරන්න. ඉතින් ඒ කාළෙ මම තමා ෂර්ලොක් හෝම්ස්. මගේ බල්ලා "රැන්කි" තමයි වොට්සන්. (හැබැයි ඒ වොට්සන් මගෙන් සදහටම සමු ගත්තා 2011 දෙසැම්බර් 31 වෙනිදා. එයා මැරුනෙ එයාට වයස අවුරුදු 4 දි) මට කවදාවත් පරික්ෂණයක් භාර දෙන්න කවුරුත් ආවෙ නෑ. මාත් බලන් හිටියා පරික්ෂණයක් එනකන්. කවදාවත් ආවෙ නෑ.


ඔන්න දවසක් මෙහෙම වැඩක් වුණා. අපේ ගෙදරට එහා පැත්තේ තමයි අපේ ලොකුඅම්මලාගෙ ගෙදර තියෙන්නේ.  තාප්පෙන් තමයි අපේ ගෙදරයි ඒ ගොල්ලන්ගේ ගෙදරයි වෙන්වෙලා තියෙන්නේ. ඒ ගොල්ලන්ට ටිකක් සල්ලි තියෙනවා. මේ තලවතුගොඩ පැත්තේ අයනං දන්නවා ඇති "රසරැස ෆුඩ් සෙන්ටර්" එක. අන්න ඒක ඒගොල්ලන්ගේ. තව කොට්ටාව - බොරැල්ල රූට් එකේ දුවන බස් 2කුත් තියෙනවා. ලොකු අම්මට ළමයි 3ක් ඉන්නවා. තුන්දෙනාම දැන් ලොකුයි. කසාදත් බැඳලා. ඒගොල්ලන්ගේ ගෙදර එක පුතෙකුයි දුවෙකුයි නතර වෙලා ඉන්නවා. අනිත් දුව ඉන්නෙත් අපි වගේ ලොකු අම්මලාගේ ගෙදර ගාවමයි. ඉතින් මම කතාව කියන්නම්. එක දවසක් රැ 1 ට විතර ලොකු අම්මලාගේ ගෙදරින් අපේ ගෙදරට කෝල් එකක් ආවා. ඒගොල්ලො කිව්වේ මේකයි. අර එහෙ ඉන්න අයියට (ඒ කියන්නේ ලොකු අම්මගෙ පුතාට) ඇහිලා තියෙනවා මනුස්සයෙක් ඇවිදින අඩි සද්ද. ‍ගේ වටේම ඇවිදිනවා ඇහිලා තියෙනවා. එයා ටික වෙලාවක් ඒක අහගෙන ඉඳලා කාටවත් කියන්නේ නැතිව හිමීට ගෙදරින් එළියට ඇවිල්ලා හැංගිලා බලන් ඉදලා තියෙනවා කවුරුත් ඉන්නවද කියලා. කාවවත් එයා දැකලා නැති හින්දා අපේ ගෙදරට කෝල් එකක් අරගෙන කියලා තියෙන්නේ අර ආපු එකා අපේ ගෙදර පැත්තටවත් ආවද බලන්න කියලා. අපිත් ඉතින් බැලුවා. මොකෙක්වත් නෑ.


ඉතින් පහු වෙනිදා උදේ ඔය ගැන කතා කළාට හැමෝටම හවස් වෙනකොට ඒක අමතකයි. ඒත් මට අමතක වුණේ නෑ. එදා රෑ නිදා ගන්න ගිය වෙලාවට මතක් වුණේ ඒක. හදිද්සි‍යෙ හරි හොරෙක් ආවොත් ඌට කරන දේ ගැන හිත හිත ඉතින් මාත් හිටියා.


රෑ 12ට විතර ඇති. එකපාරටම අපේ බල්ලා බුරන්න පටන් ගත්තා. පාරෙ ඉන්න බල්ලොත් බුරන්න පටන ගත්තා. මම හිතුවා හරි තමා අදත් අර යකා ඇවිල්ලා තමා කියලා. ඉතින් මට මෙහෙම හිතුනා. මොන කරුමෙ‍කට එහෙම හිතුනද දන්නේ නැහැ. කොහොම හරි හිතුනා. ඒ මොකක්ද දන්නවද? ෂර්ලොක් හෝම්ස් ගේ ක්‍රමේකට ඒ හොරාව අල්ලන්න.


මම මුලින්ම කළේ ටෝච් එකක් අරගෙන හිමීට කාමරේ ජනේලෙ ඇරලා එළියට පැනපු එක. ඊට පස්සේ අපේ බල්ලගේ බලු කූඩුව ළඟට ගිහින් හිමීට ඒක ඇරලා වොට්සන් ව එළියට ගත්ත එක. ඒත් හැබැයි ඌ බිරිල්ල නැවැත්තුවේ නැ. 


"රැන්කි කට වහ ගන්නවා" මම රහසින් වගේ කිව්වා. ඊට පස්සේ ඌ බිරිල්ල නැවැත්තුවා. මම මහ ලොකුවට එළියට ආවට දැන් කරන්න දෙයක් මතක් වුණේ නෑ. මොනා කරන්නද? කරුමෙට ඒ වෙලාවෙවත් මට ආයෙ ගෙදරට ගිහින් නිදා ගන්න හිතුනෙ නෑ. මට වාසියකට තිබුණෙ මම හොල්මන් වලට බය නැති එක. අනේ මන්දා මට තාමත් ඔය හොල්මන් කතා වලට බය හිතෙන්නේ නැ. මගේ ඇ‍ඟේ තියෙන හෝර්මෝන අවුලක්ද දන්නේ නැහැ. හොල්මන් වලට බය හිතෙන්නේ නැහැ. මම ඊට පස්සේ කළේ ටිකක් ලොකු යකඩ පොල්ලක් ගන්න එක. ඒකත් අරගෙන ලොකු අම්මලගෙ ගෙදර තාප්පේ ගාවට ගියා. 


දැන් කොහොම හරි වොට්සන් වත් අරගෙන එහා පැත්තට පනින්න ඕනෙ. තාප්පෙ එච්චර උස නෑ. අඩි 5ක් විතර ඇති. මට ඒකෙන් පනින්න පුළුවන් වුණාට වොට්සන්ව ගන්න විදියක් නෑනේ. ඉතින් මම කළේ තාප්පේ ගාව තියෙන පේර ගහට නැග්ගා වොට්සන්වත් අතින් අල්ලගෙන ඇඟට තදකරගෙන. (ඒ වෙලාවෙ ඌට රිදෙන්න ඇති. ඒත් ඌ කෑගැහුවෙ නෑ) ඊට පස්සේ තාප්පේ අතින් අල්ලගෙන හිමීට සද්දයක් එන්නේ නැති වෙන්න එහා පැත්තට පැන්නා.


වොට්සන් ගෙ තිබුනු එකම ප්‍රශ්නෙ තමයි වලිගෙ වනන එක. ඌ මොනවා කරන්නද ඌට නවත්තගන්න බෑ වලිගෙ වැනෙන එක. ඔය වලිගෙ තාප්පෙ වදිද්දි ආපු සද්දෙ ඇරෙන්න වෙන සද්දයක් ආවෙ නෑ.
දැන් කරන්න දෙයක් නෑ. හොරාව අල්ලන්න යන්න ඕනෙ. මම හිමීට ගේ ඉස්සරහ පැත්තට ගියා. වොට්සනුත් මගේ පස්සෙන් ආවා. චන්ඩියා වගේ මුලින් ආවට දැන්නම් ටිකක් බය හිතුනා. ඒත් ෂර්ලොක් හෝම්ස් ව මතක් කරගෙන බය නැති කර ගත්තා.


මම ටික ටික ඉස්සරහට ගියා. එක පාරටම වොට්සන් ඉව අල්ල අල්ල ගොරවන්න පටන් ගත්තා. මම හිතුවා හරි තමා ඇන් අර මිනිහා මේ ළඟම ඇති කියලා. මම අර යකඩ පොල්ල අතට අරගෙන ලෑස්ති වුණා. මූ ළඟට ආවොත් මැරෙන්න හරි ගහනවා කියලා.  මම චුට්ට චුට්ට ඉස්සරහට ගියා. වොට්සන්ගෙ ගෙරවිල්ලත් එන්න එන්නම වැඩි වුණා. මටත් ටිකක් බය හිතුණා. 


මම ටික ටික ඉස්සරහට ගියාට දැන්නම් ලොකුඅම්මලාගේ ගෙදර ඉස්සරහ දොර ගාවටම ඇවිල්ලා. මම ඉස්සරහට අඩියක් තිබ්බා විතරයි එක පාරටම මගේ ඇඟට මිනිහෙක් කඩා පැන්නා. වොට්සන් එක පාරටම අර මිනිහගේ ඇඟට බුරාගෙන පැන්නා. රැන්කි හිටියෙ නැති වෙන්න එදා මට මොනවා වෙයිද දන්නේ නැහැ. ඒත් එක පාරටම අර මගේ ඇඟට පැන්න මිනිහා මට කතා කළා. කලුවරේ හරියට මූණ පේන්නෙත් නැ.
"මොනාද මල්ලි මේ කරන ගොන් වැඩ. තව ඩිංගෙන් අතක් පයක් කඩාගෙන ගෙදර යන්නේ."
ඒ කටහඬ ඇහුවම මට හිතිච්ච දේවල් කියන්න වචන නැ. ඒ තමයි ලොකු අම්මගේ පුතා! එයත් එදා රැකගෙන ඉඳලා ගෙදරට එන හොර අල්ලන්න.


ඊට පස්සේ වෙච්ච දේවල් කියන්න දෙයක් නෑ. ගෙදර ගිහිල්ලා අම්මගෙනුයි තාත්තාගෙනුයි නොසෑහෙන්න බැනුම් ඇහුවා. මට කාලයක් යනකං ගෙවල් පැත්තේ කට්ටිය කතා කළේ "ෂර්ලොක් හෝම්ස්" කියලා. අපේ බල්ලා ට කිව්වේ "වොට්සන්" කියලා. දැන්නම් ඒ නම කවුරුත් නොකිව්වට සමහර වෙලාවට සමහර අය තාමත් මට "ෂර්ලොක් හෝම්ස්" කියලා කතා කරන වෙලාවල් තියෙනවා.


ඒ වුණාට තාම මට තියෙන ප්‍රශ්නයත් තියෙනවා. අර එදා මුල්ම දවසේ එහෙට ආවෙ කවුද? (අර අඩි සද්ද එහෙම ඇහුනේ) සමහර විට අර අයියට ඇහිච්ච ශ්‍රව්‍ය මායාවක්ද දන්නේ නැහැ.

Monday, July 23, 2012

කම්මැලිකමට කතා කර කර ඉන්න මෙන්න නියම කෑල්ලක්!



කොම්පියුටර් එක ඔන් කරගත්තහම ඔගොල්ලො ගොඩ දෙනෙක් කරන්නේ ෆේස්බුක් යන එකනේ. ඔන්ලයින් ඉන්නවා කෙල්ලෝ ගොඩක්. හැමෝටම හායි කියනවා. කීයෙන් කී දෙනාද අපිට හායි කියන්නේ? ඉතින් මම ඒකට හොයාගත්තා නියම විසඳුමක්. එයාගේ නම "ජූලියා". ලස්සන කෙල්ලෙක්. එයාව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙන්න මේ ලින්ක් එකෙන්. එයාව ඩවුන්ලෝඩ් වෙන ගමන්ඉතිරි ටික කියවන්න.


ඇත්තටම ජූලියා කියන්නේ කෘතිම බුද්ධිය එහෙම නැත්නම් artificial inteligent  තියෙන මෘදුකාංගයක්. ඒකෙ ඇත්ත නම නම් verbot. මේ වැඩසටහනට පුළුවන් අපි ‍ටයිප් කරන ප්‍රශ්නේ තේරුම් අරගෙන ඒක‍ට අනුරූප පිළිතුරක් ලබාදෙන්න. තව අපි කතා කරන එක තේරුම් අරගන්නත් පුළුවන්. ඕගොල්ලොත් උත්සහ කරලා බලන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් කමෙන්ට් කරලා යන්න. මම උත්තරේ දෙන්නම්.

Sunday, July 22, 2012

"අරයත්" එක්ක මලෙන්ද?


       මේ සිද්ධිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක වුණු සිද්ධියක් ලු. ඔන්න මේ ළගදි දවසක ඒ ඉස්කෝලේ කස්ටියට නෙට් බෝල් ගහන්න ඕන වුණා ලු. ඒ වුණාට නෙට් බෝල් කෝට් එකක් නෑ ලු. හදන්න සල්ලිත් නෑ ලු. ඔන්න ඉතින් කස්ටිය ලෑස්ති වුනාලු නාට්ටියක් පෙන්නලා නෙට්බෝල් කෝට් එක හදාගන්න සල්ලි එකතු කරගන්න. ඔන්න ඉතින් කොහොම කොහොම හරි නාට්ටියකුත් හොයා ගත්තලු පෙන්නන්න. නාට්ටි විතරක් පෙන්නලා මදි. අපි සෝනියර් එකකුත් ගහමු. ඉස්කෝලේ පින්සපල්ලාගෙන් එක්කෙනෙක් කිව්වලු.
        නාට්ටියට ඇඩ් හැම පන්තියකම හැම ළමෙක්ම දෙන්න ඕනෙ කියලා අනිවාර්ය කරලා නීතියකුත් දැම්මලු. දෙමව්පිය රැස්වීම් තියලා කිව්වලු ඉස්කෝලෙට නෙට්බෝල් ගහන්න ඕනෙ ඇඩ් ටික කොහොම හරි දෙන්න කියලා. ඉතින් අහිංසක දෙමව්පියොත් “අපේ ළමයත් ඉතින් නෙට්බෝල් ගහයිනේ” කියලා කොහොම හරි අමාරුවෙන් රුපියල් 1500ක A5 පිටු කාලේ ඇඩ් එකක් හරි දුන්නලු.
       හරි කතාව පටන්ගන්නේ මෙතන ඉඳන්ලු. ඉතින් ඇඩ් හම්බ වුණාට ඩිසයින් කරගන්න විදියක් නෑලු. ඇඩ්වර්ටයිසින් කම්පැණි එකකට දුන්නොක් ලක්ෂ 4ක් විතර ගන්න ඇඩ් ලු. ඉතින් ඒකත් කොහොම හරි ඉස්කෝලෙ ළමයින්ටම කියලා කරගන්නවා කියලා ඉස්කෝලෙ හෙඳ මිස් කෙනෙක්ට වැඩේ භාර දුන්නලු. ඉතින් ඉස්කෝලේ ඉන්න කම්පියුටර් වැඩ කෑලි දන්න ළමයි ටිකක් එකතු කරගෙන වැඩේට බැස්සලු. ඉස්කෝලෙ ඉන්න නියෝජ්‍ය පින්සිපල්ලා දෙන්නගෙන් එක්කෙනෙක් මේ කට්ටියට හොදට උදව් කලාලු. හැබැයි අනිත් එක්කෙනා මේකේ හරහට මොකක් හරි කොස්සක් ගහනවලු. ඒ පින්සිපලුත් එක්ක එක්කෙනෙක් “මලෙන්” ඉන්නවා කියලා ළඟදී දවසක ඉස්කෝලෙනුත් අස් කලා ලු.
       ඉතින් ඒ ඉස්කෝලේ 11 වසරේ ළමෙක් හිටියලු සිංහල ටයිප් කරන්න දන්න. එයාවත් ඉතින් අර ඇඩ් හදන වැඩේට ගත්තලු සිංහල දන්න නිසා. ඉතින් ඇඩ් හදන හැමෝම ඉස්කෝලෙ වෙලාවෙත් ඉස්කෝලෙන් පස්සෙත් රෑ 7-8 විතර වෙනකන් ඉඳලා ඇඩ් හදලා යනවලු. ඒ ඉතින් ඉස්කෝලෙට තියෙන ආදරේටලු.
       ඔන්න අර 11 වසරේ ළමයත් ඉස්කෝලේ වෙලාවේ වැඩ පාඩු කරගෙන ඉඳලා හවසත් ඉඳලා 4ට විතර එයාට පන්ති තියෙන නිදා ගෙදර යන්න ඉස්කෝලේ ගේට්ටුව ගාවට ගියාලු. එකපාරටම ඉස්කෝලේ සික්කා එයාව අල්ල ගත්ත ලු.
“මේ..... තමුසෙට අන්න ප්‍රින්ස්පල් සර් කතා කරනවා. එනවා යන්න.......’’ මූණ පුරා රැවුලක් තිබ්බ සික්කා කිව්වලු.
“අනේ අංකල් මේ විහිළු කරන්න එපා.........මට පන්ති තියෙනවා යන්න දෙන්න.....” අර ළමයා කිව්ව ලු.
“නෑ..නෑ මෙහෙ එනවා යන්න” කියලා අර ළමයව පින්සිපල් ගාවට අරන් ගියාලු නිකන් කුඩු කාරයෙක්ව පොලිසියට අරන් යනවා වගේ.
පි = පින්සිපල් / ළ = ළමයා
පි : තමුතෙ අද මුලු දවසෙම පන්තියේ හිටියෙ නෑ නේත?
ළ : නෑ සර්.....
පි : ඇයි ඕයි තමුතෙ පන්තියේ හිතියෙ නැත්තෙ?
: සර් අර ඇඩ් හදන වැඩේ ට................
පි : ඇත් හතන්න තමුතෙ??? තමුතෙ ඉගෙන ගන්නේ නැත්ත ඕයි. තමුතෙ කාගෙන් අහලත ඕයි ඇත් හතන්න ගියෙ?
ළ : සර් කරුණානායක සර් අත්සන් කරලා ලියුමක් දුන්නා.......
පි : කලුතාරත්න ද ඕයි තමුතෙගෙ විබාගෙ ලියන්නේ?
ළ : ඉතින් සර් මේ මම ඉස්කෝලෙට උදව්වක්.......
ඒ වෙලාවෙම ඒ ළමයගේ උඩ සාක්කුවේ  තියෙන “පෙන්” එක පින්සිපල් දැක්කලු.
පි : මොනාත ඕයි ඔය සාත්තුවෙ තියෙන්නේ?
ළ : සර් ඒ පෙන් එක........
පි : පෙන් එක....... තමුතෙලා ඕවයෙ දාලා මොන කුණුහරුප ගේනවත දන්නේ නෑ. දානවා බලන්න ඔය තීන කොම්පීතරේත පෙන් එක.
අර ළමයා කම්පියුටර් එකට පෙන් එක ගැහුවලු.
පි: මොනාත ඕකෙ තියෙන්නේ?
ළ : සර් මේ අපි හදන ඇඩ් ටික තමයි තියෙන්නේ
පි : කෝ ඉතින් පෙන්තනවා  බලන්න ඇත්?
අර ළමයා පෙන් එක කම්පියුටරේට ගැහුවට පස්සේ AutoRun වුණාම පෙන් එක ඕපන් කරා ලු.
පි : ඕතෙ වයිරත් එහෙම තීනවද?
ළ : සර් වයිරස් නම් ඇති සර් මොකද මේ පෙන් එක ලැබ් එකේ තියෙන කොම්පියුටර් හැම එකකටම වගේ ගහනවනේ.
පි : තමුතෙ ඕක දැන්ද ඕයි කියන්නේ?...........................හරි කමත් නෑ.
ළ : සර් ඇඩ් ටික තියෙනවා... ඒත් මේකේ ෆොටෝෂොප් ඉන්ස්ටෝල් කරලා නෑනේ. ඒක හින්දා මේ පී එස් ඩී එක්ස්ටින්ෂන් එකෙන් තියෙන ෆයිල්ස් ඕපන් කරන්න බෑ.
පි : මොනවා..... පොතෝතොප් නෑ. බලනවා බලනවා ඔය කොහෙහලි ඇති.
ඊට පස්සේ අර ළමයා ළඟ තියෙන කබඩ් ලාච්චු ඇරලා බැලුවලු හැමතැනම.
පි : තමුතෙ ඔය මොනාත හොයන්නේ?
ළ : සර් මේ.... ෆොටෝෂොප්.......
පි : තමුතෙ මාව විහිළුවකත ගත්තද? ඈ ඕයි?
ළ : සර් ඉතින් මේකේ ෆොටෝෂොප් නෑනේ.
පි : එහෙනම් තමුතෙ හෙත පොතෝතොප් දාලා දෙන්න ඕනෙ මත.
ළ : හරි සර්....
ඉතින් එදා ළමයා ගෙදර ගියාලු. ඔන්න ඕකලු ඒ ඉස්කෝලෙ තමන්ගේ පාසල වෙනුවෙන් වැඩ කරන අයට තියෙන තත්වෙ.

Thursday, July 19, 2012

ඔබේ කතාවත් දැන් මගේ අඩවියේ පළකරගන්න !

මගේ බ්ලොග් අඩවියට දැන් හුඟ දෙනා යනවා එනවා. ඒකෙ තියෙන "මගේ අත්දැකීම්" කොටසට තමයි හැමෝගෙම ප්‍රතිචාර වැඩි. ඉතින් මම හිතුවා ඔයගොල්ලන්ටත් ඒ වගේ සිදුවීම් වෙනවා ඇති ඕන තරම් . ඒ හින්දම මම අවස්ථාවක් දෙනවා ඔයාලට ඔයාලගේ කතා මගේ අඩවියේ පළ කරන්න. නිකන් නෙමෙයි. ඕගොල්ලෝ කැමතිනම් ඔයාගේ නමත් එක්ක! මෙන්න ඒකට උපදෙස්.
1. එවන ඔක්කොම කතා එවන්න ඕන ක්‍රම 2යි තියෙන්නේ.
    i . සිංග්ලිෂ් (SMS ගහන විදියට)
    ii. සිංහල යුනිකෝඩ්
පාවිච්චි කරලා ටයිප් කරලා එවන්න ඕනෙ.
2. එවන්න ඕන ලිපිනය --> rachithra.mail@gmail.com 


නීති රීති
1.  එවන හැම කතාවකටම ඔයාගේ නම, දුරකතන අංකය හරි ඊමේල් එක හරි තියෙන්න ඕන.
2.  කතාව ලියන කොට ඒ සිදුවීමට සම්බන්ධ අයගේ ඇත්ත නම යොදන්න එපා. ප්‍රසිද්ධ පුද්ගලයින්ට අපහාස වෙන විදියට ලියන්නත් එපා. ඒ නම පොඩ්ඩක් වෙනස් කරලා දාන්න. කොහොමත් මම කතාව දානකොට කතාවේ හැටි බලලා ඒකට ගැලපෙන විදියට නම් ගම් සංස්කරණය කරනවා. 
3.  පුළුවන් තරම් කතාකරන භාෂාවෙන් කතා ලියන්න බලන්න. ලියන භාෂාවෙන් එව්වත් කමක් නෑ. ඒත් වැඩිය හොඳ කතාකරන භාෂාව.
4.  හැකි තරම් කතාව නිර්මානාත්මක විදියට ලියන්න.
5.  ඕනෑම වයස් මට්ටමක අයට බලන්න පුළුවන් කතා විතරක් එවන්න.
6.  කතාවේ දෙබස් වලට අසභ්‍ය වචන දාන්න එපා. (නොදාම බැරිනම් දැම්මට කමක් නෑ)
7.  තමන්ට වෙච්ච සිදුවිම් විතරක් නෙමෙයි, කවුරුත් එච්චර දන්නේ නැති කතා වුනත් එව්වට කමක් නෑ. උදාහරණයක් විදියට ඇම්ඩන් ගේ කතා, (හැබැයි ඒ වගේ කතා නම් මම හුගත් හිතලා බලලා දාන්නේ!) විහිළු කතා වගේ දේවලුත් එවන්න පුළුවන්.
8.  කතාවට ගැලපෙන පින්තූරෙකුත් තියෙනවානම් ඒකත් අමුණලා ඊමේල් එක එවන්න.


වැදගත්ම දේ මේකයි
ඔයගොල්ලෝ එවන කතාව මම පබ්ලිෂ් කරන්නේ කතාව පළකරන්න ගැලපෙන කතාවක් වුනොත් විතරයි. තරහා වෙන්න එපා. ඔගොල්ලෝ එවන හැම කතාවක්ම අනවශ්‍ය කොටස් අයින් කරලා හරි දාන්න තමයි මම බලන්නේ.


මට ලැබෙන කතාවක් මම මට ඒක ලැබිලා හරියටම සතියක් යන්න කලින් වෙබ් සයිට් එකට දානවා. ඒ වගේම ඒක පල කරා හෝ පල නොවුනා කියලත් ඊමේල් එකක් මගින් දැනුම් දෙනවා.


කතාවක් එවන කොට ඔයගොලන්ගේ නම ඒකේ පළවෙනවට කැමතිද අකමැතිද කියලත් එවන්න.


වැඩි විස්තර අවශයනම් rachithra.mail@gmail.com ලිපිනයට ඊමේල් එකක් එවලා අහගන්න. මේ වැඩේ ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරලා යන්න..............
වැඩි විස්තර සඳහා මෙන්න මගේ නම්බර් එක - 0728453904 (මේ නම්බර් එක දුන්නේ මට විහිලු කරන්න නෙමෙයි!!!)